Author: admin

ශාස්තෘ ලියන්නට මා පෙළඹවූ ලස්සන මනස

No Comments

අජිත් පැරකුම් ජයසිංහ

කතුවරයකු යම් කෘතියක් කළ පසු ඔහු ම එය පිළිබඳ නැවත කතා කිරීම විකෘති තත්වයක් විය හැකි ය. කෘතියෙන් කියා ඇති දේ ගැන නැවතත් වෙනත් ආකාරයකින් කියන්නට යාම අරුත් සුන් විය හැකි ය. එහෙත්, අප මෙය රචනා කරන්නේ දේශපාලනික කාර්යයක් ලෙස සලකා යයි අපි පොතේ පෙරවදනේ ම කීවෙමු. එහෙයින්, මේ සටහන අදාළ වන්නේ එකී දේශපාලනයටයි.

ශාස්තෲ ලිවීමේදී අපට බල පෑ එක් චිත්‍රපටයක් තිබේ. ඒ වනාහි 2001දී නිපදවන ලද ඇමරිකානු චිත්‍රපටයක් වන A Beautiful Mind  ය. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියකු වන ජෝන් ෆෝබ්ස් නෑෂ්ගේ ජීවිතය පාදක කරගෙන රෙන් හොවාඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ච්ත්‍රපටය භින්නෝන්මාදය හෙවත් schizophrenia නම් මානසික රෝග තත්වය පිළිබඳ අපූරු විවරණයකි.

සාහිත්‍යකරුවකු ලෙස මා උත්සාහ කළේ මෙකී මානසිකත්වය රෝගයක මට්ටම හා සාමාන්‍ය හෝ විශේෂ මානසික මට්ටම අතර දෝලනය වන ආකාරය එක් තලයකදී විභාග කිරීමටයි.

භින්නෝන්මාදයේ යම් යම් මට්ටම්වලින් පෙළෙන පුද්ගලයෝ අපට සමාජයේ නිතර හමු වෙති. ප්‍රතිකාර නො ලබන මෙය උත්සන්න වූවෝ තමන්ට පෙනෙන මායා දර්ශන හෙවත් delusions සමග කතා කරමින්, හැසිරෙමින් වීදි සරන අන්දම සුලබ ය.

තමන්ට තිබෙන රෝගය නො හඳුනන තවත් විශාල පිරිසක් විශ්ව ශක්තිය, අද්භූත බල, දේව වරම්, නක්ෂත්‍රය හා ආයුර්වේදය වැනි දේ භාවිතා කරමින් මිනිසුන්  අමාරුවේ දමති. මෙවැනි අයට අසු වී රෝග අසාධ්‍ය මට්ටමට පත් කර ගන්නා අය අතර සමාජයේ ප්‍රභූ හා බුද්ධිමත් කොටස් ද සිටිති. අප මෙම බ්ලොගය හරහා අඛන්ඩව මෙම පිරිස්වලට එරෙහිව සටන් කර තිබේ.

ශාස්තෲ නවකතාව එතැනනිනුත් ඔබ්බට විහිදෙමින් සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ ඉතිහාසය විසින් සමාජය වෙනස් කිරීම සඳහා වගකීම් පවරා ඇති, යුගයේ කාර්ය භාරය ඉටු කරන බව කියන විප්ලවවාදීන් හා වෙනත් එවැනි අයත්, මෙම මානසික තත්වයත් අතර ඇති සම්බන්ධයයි.

සමාජය වෙනස් කිරීම වෙනුවෙන් දිවි කැප කිරීම හා භින්නෝන්මාද තත්වය අතර සම්බන්ධය අතිශය සංකීර්ණ විෂයකි.

අප පෞද්ගලිකව දකින්නේ මෙය කිසියම් සුවිශේෂ මානසික තත්වයක් ලෙසයි. මෙම මානසික තත්වය රෝගයක් බවට පත් වන සීමාව බොඳ වූ කලාපයකි.

ශාස්තෲ නවකතාවේ ඉන්ද්‍රනාමගේ සිට බොහෝ චරිත මෙකී මානසික තත්වයේ විවිධ මට්ටම්වල සිටින අය වෙති. ඇතැම් විට, මෙය සෑම මිනිසකු තුළ ම ඇති ලක්ෂණයක් විය හැකි ය. මිනිසා සතු, වෙනත් සතුන් සතු නො වන නිර්මානශීලිත්වය හා භින්නෝන්මාදය අතර සම්බන්ධයක් ද තිබිය හැකි ය.

ශාස්තෲ කියවන ඔබට එය ඔබ කැමති අන්දමින් ග්‍රහණය කර ගැනීමට ඇති නිදහස සමග කතුවරයා ලෙස මම කිසිදු අන්දමකින් නො ගැටෙමි. එහෙත්, මේ කතාව මුලින් ම රස විඳි පුද්ගලයා ලෙස මම මා විඳි රසය පිළිබලඳ මෙසේ ස්වයං විචාරයක් කිරීම වරදක් කොට නො සලකමි.

ශාස්තෲ නවකතාවේ අත් පිටපත කියැවූ මගේ හිතමිත්‍රයකු කී කාරණයක් වන්නේ මෙය සාහිත්‍ය සමාජය විසින් භාර ගැනීමට ඉඩ ඇති මුත් වාම සමාජය විසින් නම් කිසි සේත් ම භාර නො ගනු ඇති බවයි. මෙය පළ නො කරන ලෙස මගෙන් ඉල්ලා නො සිටීමට තරම් ඔහු ආචාරශීලීවූ බව මට වැටහිණි. ඔහු කී දෙය එසේ ම සිදු විය. එහෙත්, නො නැසී පවතින්නට නම් වාම සමාජය කවදා හෝ මේ පිළිබඳ කතා කිරීමට ආත්ම ශක්තිය උපදවා ගත යුතු ය.

දියුණු සාහිත්‍ය සමාජයක් ලංකාවේ නැත. එය වනාහි දේශපාලන සමාජයේ ම පේනුවක් හෙවත් plugin එකක් පමණි. ලංකාවේ කතා කලාව දියුණු මට්ටමකට ගෙන ආ සුනේත්‍රා රාජකරුණානායක, සුමිත්‍රා රාහුබද්ධ වැනි අය මාක්ස්වාදී හා ජාතිවාදී පිරිමි ශාස්තෲතෲන්ගේ ගර්හාවට ලක් වන්නේ හා ලාංගනී ප්‍රනාන්දු අබේධීර වැනි අප දන්නා පමණින් ලේඛන කලාව පමණක් කළ ගැහැනු කිසිවකුගේ ඇගයීමකට ලක් නො වන්නේ ඒ නො දියුණුකම නිසා ය.

නවකතාව යනු දේශපාලන සංවාදයේ උත්තර සංවාදය යයි ගුණදාස අමරසේකර කීවේ ය. අපි සාහිත්‍යය දේශපාලන අරගලයේ උත්තර අරගලයක් ලෙස ද සලකමු.

ශාස්තෘ මිළ දී ගන්නට මෙතැනින් පිවිසෙන්න. මිළ රු. 250/=ක් පමණි.

Categories: Books

කේපොයින්ට්

No Comments

කේපොයින්ට් යනු 1989 වකවානුවේදී හමුදා බුද්ධි අංශ විසින් පවත්වාගෙන ගිය ඇතැම් වධකාගාරවලට පොදුවේ භාවිතා වූ නමකි. එසේ කෙටි වුණේ කිලිං පොයින්ට් නම් වචන දෙක ය. එය මරණයේ තුඩුව ලෙස පරිවර්තනය කළ හැකි ය.

මාතර දිස්ත්‍රික්කයේ වෙරළාසන්නයේ පිහිටි එළියකන්ද කඳු මුදුනේ එවැනි කඳවුරක් පවත්වාගෙන යන ලදී. එම කන්දට එළියකන්ද යයි නම වැටී ඇත්තේ දෙවුන්දර ප්‍රදීපාගාරයේ ආලෝකය ඒ මත වැටෙන නිසා ය.

එළියකන්ද වධකාගාරය නමින් ද ප්‍රකට වූ මෙම කඳවුර 1987දී ජවිපෙ විසින් ආරම්භ කරන ලද කැරැල්ලෙන් අනතුරුව 1990 මැද භාගය දක්වා පවත්වාගෙන යන ලදී. එය ඉතා භයානක ස්ථානයක් ලෙස දකුණු පළාතේ  ප්‍රසිද්ධ විය. එහිදී සිය ගණනක් තරුණයන් මරා දමන්නට ඇත. තවත් සිය ගණනක් පිරිස් එහි කලින් කල රඳවා තබා ගන්නා ලදී. එම ස්ථානයේ සිට දිවි බේරාගත් සිය ගණනක් පිරිස් තවමත් රටේ විවිධ පළාත්වල වෙසෙති.

එළියකන්ද නවකතාව ලියන අජිත් පැරකුම් ජයසිංහ ද එම වකවානුවේ එම ස්ථානයේ රඳවා තබාගන්නා ලද අයෙකි. වසරක් හා මාසයක් පමණ කාලයක් එහි සිටි අයෙකු වූ ඔහු වසර 30කට පසු මෙම නවකතාව රචනා කළේ ය.

එහි සිරකරුවන්ගේ මෙන් ම නිලධාරීන්ගේ ද ජීවිත මධ්‍යස්ථ ඇසකින් විවරණය කරන අතර 1989 කැරැල්ලේ සිද්ධි දාමය ද මෙහි චිත්‍රණය කෙරේ. කතුවරයා මේ ඔස්සේ උත්සාහ කරන්නේ එකී ඉතිහාසය ගැන සාධාරණ විග්‍රහයක් කරන්නට ය.

පොතෙහි මිළ රු. 850/=කි. මිළ දී ගත හැකි ආකාරය මෙතැනින්

Categories: Uncategorized

KPoint synopsis

No Comments
KPoint cover
KPoint cover

Ajith Parakum Jayasinghe, the author and the true persona behind the plot of the novel K-Point speaks through the character Rachaka. In May 1989, during the bloody civil war between the young rebels and the government in the southern parts of Sri Lanka, Rachaka is captured by the government military while he is active as a district political leader of the proscribed youth movement People’s Liberation Front (JVP). He is brought to the ill-famous Killing Point or K-Point torture camp of Army intelligence wing which is located on a hilltop along the sea close proximity to the coastal city, Matara. The hillock on which the camp was situated is called Eliyakanda. Eliya means light in local Sinhala language. The beam of light of the ancient lighthouse in the southernmost Point Dondra of the island rotates and falls on the side of this hill. Rachaka is caught with three other youth and one of them is the district leader of the armed wing of the JVP. Rachaka pretends to be an average youth within the movement, but his party identity is exposed as a matter of fact.

Capt. Romeo, then the head of military intelligence in the district is instrumental in saving the lives of some young educated detainees. He too is a brilliant young Army officer who is committed to the counter-insurgency operations. However, the aftermath of his transfer together with subsequent changes in administration, such detention orders become invalid and totally lawless atmosphere prevails within the barbed wire fence of the K-Point torture camp for a year and more. Eminent torture, death and betrayal continue to exist. From lower ranks to the higher within the organization betrayal is a common feature sans a few exceptional personalities who are tight-lipped even before death. Simultaneously, the military which is also comprised of mostly young soldiers is also caught in a trap of brutality which impacts on their lives unfavourably.

While he is in K-Pont, Rachaka’s thoughts travel back and forth in memory lanes of his political career. He memorizes how he becomes a member of a youth movement and how he contributes and commits to its principles. He enjoys youth romances innocently above the law of the organization and subsequently undergoes physical torture and the mental agony while under detention. Many young rebels and other suspects are brutally tortured and murdered in the torture camp whereas Rachaka paddles through the fate on a buoy of random luck. Synchronicity is a major phenomenon of the life and death of the main protagonist of the novel.

Extremism within the youth uprising takes 6,000 lives of those including public servants, intellectuals, media personnel and the civilians. In state retaliation, ten times of the said figure are suffered by militants and their immediate family members. Rachaka explains brutality on all sides as well as the humanity that prevails even during the worst times.

Ajith Perakum Jayasinghe, KPoint author
Ajith Perakum Jayasinghe, KPoint author

Rachaka discusses in depths how parents suffer during periods of a question, the risk that parents and the close relatives take to protect their children and the pathetic circumstances of moms who are subjected to sexual exploitation in order to protect the lives of their sons and daughters.

Rachaka takes us far back to the 1980’s, the time the country experiences youth uprisings simultaneously centring both northern and southern parts of the island against the common problem of ‘discrimination’. However, the struggles subsequently retransform into violent extremism, which itself destroys a considerable portion of the youth community of the island nation causing serious damage to socioeconomic dimensions.

“The youth politics so far we have come across are the ones which made the youth scapegoats for social revolutions. Instead of such revolts, I open this novel for a dialogue on youth politics that helps youth potentials fulfilled that positively contribute to society,” says Ajith Perakum Jayasinghe, the author of the novel K-Point.

Rachaka is a part of the history and a witness to the history. He rewrites the history at the right time when it is identified that mal-governess, corruption and absence of rule of law lead the youth population towards extremism and when such extremism coupled with violence is threatening the security of the nations and the fundamental rights of citizens around the Globe.